Sunday, October 14, 2007

වවුනියාවෙන් හමුවූ ඇටසැකිළි හමුදා සාමාජිකයන්ගේ ද ?

වවුනියාවෙන් හමුවූ ඇටසැකිළි හමුදා සාමාජිකයන්ගේ ද ?
පරීක්‍ෂණ සඳහා අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යැවේ
ඔක්.14 - වවුනියාව කොක්කුවේලි ප්‍රදේශයේ දී ආරක්‍ෂක හමුදා විසින් මිනිස් ඇටසැකිලි කොටස් කිහිපයක් සොයාගනු ලැබීණ. මේ සමඟ සොයාගත් භාණ්ඩ අනුව, මෙම ඇටසැකිලි ආරක්‍ෂක අංශ සාමාජිකයන් දෙදෙනකුගේ විය හැකි බවට සැක‌ කෙරේ. පසුගිය ජූනි මස 5 වෙනිදා කොක්කුවේලි ප්‍රදේශයේ කළ මෙහෙයුමක දී ලුතිනන්වරයකු සහ ලාන්ස් කෝප්‍රල්වරයකු අතුරුදන්ව සිටි බව හමුදා ප්‍රකාශක බ්‍රිගෙඩියර් උදය නානායක්කාර මහතා පවසයි. ඒ අනුව, සොයාගන්නා ලද ඇටසැකිලි එම හමුදා සාමාජිකයන්ගේ යැයි සැකකෙරේ.

No comments:

ADS

Your Ad Here